Trending Newsඑසැන පුවත්ක්‍රීඩා

ඕස්ට්‍රේලියාව හමුවේ බංගලාදේශය පරදී

(UTV | කොළඹ) –

 

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියාව අතර අද (21) පැවැති තරඟය ඩක්වත් ලුවිස් ක්‍රමය අනුව, ලකුණු 28කින් ඕස්ට්‍රේලියාව ජයගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 140ක් රැස් කළහ.

පිළිතුරු ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියාව පන්දුවාර 11යි පන්දු 02ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 100ක් ලබා සිටියදී තරගයට වර්ෂාව පතිත විය. ඒ අනුව ඩක්ඔවත්ස්ට්‍ ලුවිස් ක්‍රමය අනුව, ඕස්ට්‍රේලියාවට ලකුණු 28ක ජයක් හිමිවිය.

මෙම තරගයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයකදී පිට පිට කඩුලු ත්‍රිත්වයක් (හැට්ට්‍රික්) ලබාගත් දෙවැනි පන්දු යවන්නා බවට පැට් කමින්ස් අද (21) පත්විය.

මීට පෙර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් T20 ජාත්‍යන්තර තරඟයකදී කඩුලු ත්‍රිත්වයක් දවාගෙන සිටියේ බ්‍රෙට් ලී ය.

 

Related posts

நாடு கடத்தப்பட்ட ரயன் விளக்கமறியலில்

Mohamed Dilsad

வெளிநாடு செல்ல முயற்சித்த இலங்கையர்கள் 8 பேர் கைது

Mohamed Dilsad

Gotabhaya Rajapaksa Stay Order to be considered today

Mohamed Dilsad

Leave a Comment