Trending Newsඑසැන පුවත්ක්‍රීඩා

ඕස්ට්‍රේලියාව හමුවේ බංගලාදේශය පරදී

(UTV | කොළඹ) –

 

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියාව අතර අද (21) පැවැති තරඟය ඩක්වත් ලුවිස් ක්‍රමය අනුව, ලකුණු 28කින් ඕස්ට්‍රේලියාව ජයගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 140ක් රැස් කළහ.

පිළිතුරු ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියාව පන්දුවාර 11යි පන්දු 02ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 100ක් ලබා සිටියදී තරගයට වර්ෂාව පතිත විය. ඒ අනුව ඩක්ඔවත්ස්ට්‍ ලුවිස් ක්‍රමය අනුව, ඕස්ට්‍රේලියාවට ලකුණු 28ක ජයක් හිමිවිය.

මෙම තරගයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයකදී පිට පිට කඩුලු ත්‍රිත්වයක් (හැට්ට්‍රික්) ලබාගත් දෙවැනි පන්දු යවන්නා බවට පැට් කමින්ස් අද (21) පත්විය.

මීට පෙර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් T20 ජාත්‍යන්තර තරඟයකදී කඩුලු ත්‍රිත්වයක් දවාගෙන සිටියේ බ්‍රෙට් ලී ය.

 

Related posts

Sixty-three suspects including 12 extreme terrorists, detained – CID

Mohamed Dilsad

இந்தியா-பாகிஸ்தான் போருக்கு வாய்ப்பு-இம்ரான்கான்

Mohamed Dilsad

Japan 2020 Olympics Chief quits

Mohamed Dilsad

Leave a Comment