Trending Newsඑසැන පුවත්දේශීයසේයා පුවත

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට

(UTV | කොළඹ) –

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ”සමිඩ්‍රෙයාරි ඩීඩී – 106’ නෞකාව නිල සංචාරයක් සඳහා 20වෙනිදා  කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්හ.  මෙම නෞකාව, දිගින් මීටර් 150.5 ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් කොගා නයෝකි මහතා කටයුතු කරයි.

 නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් කොගා නයෝකි සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර නිල හමුවක් 20දා බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්විණ. නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එම පිරිස  දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

නෞකාව නිල සංචාරය අවසන් කරමින් 22 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක  නිරත වීමටද නියමිතව ඇත.

Related posts

அடுக்குமாடி குடியிருப்பில் தீ விபத்து

Mohamed Dilsad

PHI වැඩවර්ජනය අවසන් වෙයි

Mohamed Dilsad

Mohammad Amir looking to rediscover bowling rhythm in domestic cricket

Mohamed Dilsad

Leave a Comment