Trending Newsඑසැන පුවත්දේශීය

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයෝ කොළඹ තෙත්බිම් නිරීක්ෂණ චාරිකාවක

(UTV | කොළඹ) –

පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත සහ ආසියානු සබැදි සමුළුව සඳහා සහභාගී වූ අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයන් බැද්දගාන තෙත්බිම් උද්‍යාන නිරීක්ෂණ චාරිකාවක නිරතවූහ.

තෙත්බිම් නියෝජිතයන් මේ දිනවල ලොව පළමු නාගරික තෙත්බිම් අගනගරය වන කොළඹ නගරාශ්‍රිත තෙත්බිම් නිරීක්ෂණය කරයි. මෙහිදී ඔවුන් දියසරු තෙත්බිම නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය. තලංගම වැව ආශ්‍රිත තෙත්බිම සහ බැද්දගාන තෙත්බිම් නිරීක්ෂණ චාරිකාවකට ද එක් වෙමින් ඔවුන් තෙත්බිම් ආශ්‍රිත ජීවත් වන සතුන් සහ ශාක පිළිබඳ අධ්‍යනය කළහ.

ඔවුන් පෙන්වා දුන්නේ නාගරික තෙත්බිම්වල අවශ්‍යතාව්‍ය හඳුනාගනිමින් ඒවා සංරක්ෂණය හා කළමනාකරණය කළ යුතු බවයි. බැද්දගාන තෙත්බිම නිර්මාණය වන්නේ 2015 දී කොළඹ අධිනාගරික තෙත්බිම් කළමනාකරණ උපායමාර්ගික සැලැස්ම යටතේය. අක්කර 20 ක බැද්දගාන තෙත්බිම 2016 දී ජනතා අයිතියට පත් කෙරුණේ ‘ජලාශ්‍රිත ශාක හා සතුන් ආරක්ෂා කරමින් නැවතත් පරිහරණයට’ යන සංකල්පය යටතේයි.

නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, භූ දර්ශක හා ගෘහ නිර්මාණ ශිල්පීන්, පරිසරවේදීන් ද එක්ව නිර්මාණය කර ඇති බැද්දගාන තෙත්බිම් උද්‍යානය දැනට නාගරික සංවර්ධන හා නිවාසා අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වේ.

Related posts

මුතුරාජවෙලට කසල බැහැර කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින තීන්දුයි

Mohamed Dilsad

කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයි

Mohamed Dilsad

කොරෝනා වසංගතය නිසා ලොවපුරා සංචාරක රැකියා මිලියන 25ක් අවදානමේ

Mohamed Dilsad

Leave a Comment