දේශීය

මුතුරාජවෙලට කසල බැහැර කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින තීන්දුයි

(UTV| මුතුරාජවෙල) –  මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි මස 28 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) දින නියම කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

පෙත්සම සම්බන්ධයෙන් විභාගය අවසන් වනතුරු එම අභය භූමියට කසල බැහැර කිරීම වළක්වාලමින් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරින් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.

මුතුරාජවෙල අභය භූමිය අවට වාසය කරන ප්‍රදේශවාසීන් 35 දෙනෙකු මෙම පෙත්සම ගොනුකර තිබේ.

 

Related posts

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට

Editor O

නිරෝධායන නොවූ මෙරටට පැමිණි විදෙස් ගතවූවන් 400ක්

Mohamed Dilsad

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05යි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි.

Editor O

Leave a Comment