Trending Newsඑසැන පුවත්දේශීය

පොසොන් පෝය අදයි.

(UTV | කොළඹ) –

අන්ධකාරයේ ගිලී සිටි ලක්වාසී ජනතාව බුදුන් වහන්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගයට යොමුකළ උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි.

මිහින්තලා උදාගිරෙන් ලක්දිවට පෑයූ පොසොන් සඳ අපේ ජන ජීවිතය, සමාජය හා සංස්කෘතිය නව වෙනසකට ලක්වූහ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්ථිය, උත්ථිය, සම්භල, භද්දසාල යන ස්වාමීන්වහන්සේ ද සුමන සාමණේරයන් වහන්සේ සහ භණ්ඩුක උපාසක යන ධර්ම දූත පිරිස සදහම් පණිවුඩය රැගෙන අද වැනි දිනෙක ලක්දිවට පැමිණියහ..

මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා හමුවන විට රජු ඇතුළු පිරිස මුව දඩයමේ නිරත වූ බව ඉතිහාසයේ සඳහන්. රජතුමාට චුල්ලහත්ථී පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව බුදු සසුන පිහිටුවීමේ ආරම්භය සටහන් වුයේ ද අද වැනි උතුම් දිනකයි.

දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දායකත්වයෙන් පැවැත්වූ තුන්වන ධර්ම සංඝයානාවෙන් පසු රටවල් නවයකට ධර්ම දූත කණ්ඩායම් පිටත් කර හැරුණු බව ශාසන ඉතිහාසයේ සඳහන්. එම ධර්ම දූත ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ වඩාත් සාර්ථක වුණා.

එවකට ලක්දිව පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රට වැසියන් බුදු දහම වැළඳගත්හ. බුදු දහම ව්‍යාප්ත වීමත් සමඟ මෙරට ආගමික, සමාජීය, සංස්කෘතික හා ආර්ථික යන ක්‍ෂේත්‍රවල පුනර්ජීවය සිදුවූහ.

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් පසු දින අනුරාධපුරයේ දී දේශනා කළ විමානවත්තු, පේතවත්ථු හා සච්ච සංයුක්ත ධර්ම දේශනාව අසා අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් සෝවාන් ඵලයට පත්වූහ. ශ්‍රී ලාංකික ජනතාව ලොව කිසිම සංස්කෘතියකට ගැති නොවී ස්වාධීන ලෙස නැගී සිටියේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ ලැබුණු බුදු දහමේ ආලෝකය ඔස්සේයි.

Related posts

“Government will never sell out country’s land to foreigners,” Premier assures

Mohamed Dilsad

1,10,333 கற்பழிப்பு வழக்குகள் பதிவு

Mohamed Dilsad

රත්නපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් රාජකාරි වේලාව තුළ පෞද්ගලික රෝහලක වැඩ කරලා

Editor O

Leave a Comment