Trending Newsඑසැන පුවත්දේශීය

ගුරුවරුන්ගේ වැඩ වර්ජන ගැන ඇමති සුසිල්ගෙන් සැර කතාවක්

(UTV | කොළඹ) –

ගුරුවරුන් විටින් විට වැඩ වර්ජන කළහොත් ඉදිරි  අවුරුදු 05ක් වන විට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට පන්තිවල තවදුරටත් දරුවන් නොමැති වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

ඒ අනුව ගුරුවරු අතිරික්තයක් ඇතිවනු ඇති බවත්, එම වර්ජන මෙහෙයවන පුද්ගලයින් මේ කාරණා පිළිබඳ අවධානය යොමුකළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියා. ගුරුවරුන්ට අසනීප වී ලෙඩ හොඳ වෙනකන් තවදුරටත් දරුවන් බලා නොසිටින බවද අමාත්‍යවරයා කීවේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ප්‍රෙම්ජයන්ත අමාත්‍යවරයා මෙස්ද කීවේය.  “අනධ්‍යන සේවකයෝ ඉදිරියේදී ලෙඩවෙනවා කියලා පුවතක් තියනවා. යුද්ධය අවසාන කාලේ වෙනකොට දෙමව්පියන් තමයි පාසල ආරක්ෂා කළේ. පාසල් පිරිසිදු කළෙත් දෙමව්පියන්. ආදිශිෂ්‍යයෝ සම්බන්ධ වුණා. ඉතින් ඔය දවස් දෙකේ අසනීප වෙන අය අසනීප වෙන්න. අපිට අසනීප වෙන එක නවත්තන්න බැහැ. ඒ නිසා දෙමව්පියන් සහ ආදි ශිෂ්‍යයෝ ඇතුළු කට්ටිය එකතුවෙලා පාසල්වල ආරක්ෂාව හදාගෙන වැඩ කටයුතු සිදුකරන්න. පැහැදිලිව කියනවා එවැනි වෘත්තීය ක්‍රියාමාර්ග නිසා දරුවෝ ලක්ෂ 41කගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න බැහැ. ඒක මතක තියාගන්න. මේක රැල්ලකට ගිහින් විවිධ දේශපාලන අරමුණු සපුරාගන්න මේ වගේ දේවල් කරනවා. යැයි ද කීවේය.

Related posts

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

வெடிப்புச் சம்பவத்தில் பங்களாதேஷ் பிரதமர் ஷேக் ஹசீனாவின் உறவுக்கார சிறுவனும் உயிரிழப்பு

Mohamed Dilsad

යාපනයේ සුළිපුරම් හමුදා කඳවුර ඉවත් කරයි

Editor O

Leave a Comment