Trending Newsඑසැන පුවත්දේශීය

මන්නාරම සංවර්ධනයට විශාල මුදලක් වෙන් කිරීම ගැන මන්ත්‍රී රිෂාඩ්ගෙන් ජනපතිට පැසසුම්

(UTV | කොළඹ) –

මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසා කරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

රිෂාඩ් බදියුදීන් මහතා එසේ ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (16) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් මහතා ”යහපාලන ආණ්ඩුව සමයේ මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් වෙන් කළා. නමුත් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක නොවූ අතර වුවමනාවෙන්ම එය මඟහැර දැමුවා. ඒ වගේම පසුගිය වසර 04ක කාලය තුළ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු මුදලක් වෙන් කර නැහැ. මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් මෙම වසරේ විශාල මුදලක් වෙන් කිරීම පිළිබඳ මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.” යැයි ද කීවේය.

Related posts

குவாத்தமாலா ஜனாதிபதி ஜெரூசலத்தை ஏற்றுக்கொண்டார்

Mohamed Dilsad

Former STC Chairman Anuruddha Polgampola released on bail

Mohamed Dilsad

Russian rescue amid deadly blaze on two cargo ships off Crimea

Mohamed Dilsad

Leave a Comment