Trending Newsඑසැන පුවත්දේශීය

ටිකිරි මැණිකේ වටගොඩදී පීල්ලෙන් පනී

(UTV | කොළඹ) –

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1023 ටිකිරිමැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය තලවාකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර ඊයේ (15) රාත්‍රි 9.50 ට පමණ පීලි පැන තිබේ. ඒ හේතුවෙන්  කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය අද (16) කොළඹ කොටුව හැටන් දක්වා ද, බදුල්ල – නානුඔය දක්වා ද  සීමා කර ඇත.

දුම්රියේ ඉදිරිපස එන්ජිම පාලම මතදී පීලිපැන ඇත. මාර්ග අවහිරතාව හේතුවෙන්,  බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ ද, කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ ද නතර කර තිබේ. දුම්රිය වලින් පැමිණි මගීන්ට බස්රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසා තිබේ.

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ දුම්රිය අද (16) උදෑසන  නානුඔය දක්වා ධාවනය කර තිබේ, මාර්ග අවහිරතාව හේතුවෙන් එම මාර්ගයේ  සියලු දුම්රියන් ප්‍රමාද වන බව  බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඡායාරූප : සමාජ මාධ්‍යයෙනි.

Related posts

කොළඹ වායු දූෂණය යළි ඉහළට

Mohamed Dilsad

දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පුද්ගලික ආයතන වෙත

Mohamed Dilsad

තවත් ආසාදිතයන් පස් දෙනෙකු සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment