Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රුමේනියා රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –

රුමේනියාවේ රැකියා ලබාදෙන බව සඳහන් කරමින් මාතර, ගොඩගම ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින්  මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර, ගොඩගම පිහිටි අදාළ ආයතනයේ හිමිකරු විසින් රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකර ගත්තද, එම රැකියා අවස්ථා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 53ක් ලැබී ඇත. එම පැමිණිලි අනුව අදාළ සැකකරු වංචාකර ඇති මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 130ට අධික බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටිති.

Related posts

தென்கொரிய வைத்தியசாலையில் தீ – இலங்கையர் எவருக்கும் பாதிப்பில்லை

Mohamed Dilsad

බස්නාහිරින් පිටවන අය සොයන්න බුද්ධි අංශ සහය

Mohamed Dilsad

Pakistan, India square off over botched cricket agreement

Mohamed Dilsad

Leave a Comment