Trending Newsඑසැන පුවත්විදෙස්

ඉන්දීය අගමැති ජී7 සමුළුවට

(UTV | කොළඹ) –

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. ඒ අනුව, තෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ මෝදිගේ පළමු විදෙස් සංචාරය වීම විශේෂත්වයක්.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වන 11 වැනි අවස්ථාව යි. නරේන්ද්‍ර මෝදි ඉන්දීය රාජ්‍ය නායකයා ලෙස, ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන්නේ 5 වැනි වතාවටය.

එහිදී, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මෙලෝනී ද හමුවීමට නියමිතය.

‘ ඉතාලියේ ඇක්විලා පළාතේ, බෝගෝ එග්නාසියා නමැති සුඛෝපබෝගී නිවාඩු නිකේතනයේ සමුළුවට පැවැත්⁣වේ. ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ජපානය සහ ඉතාලිය ජී 7 සමුළුවට අයත් රටවල් වන අතර   ඉන්දියාව ‘ජී7’ සමුළුවට සහභාගී වන්නේ සාමාජික රටක් නොවුණද, ‘ජී7’ කණ්ඩායමට වැදගත් රටක් ලෙසය. ඉන්දියාවට අමතරව තවත් රටවල් කීපයක් ද සමුළුවට සහභාගී වෙයි

ඡායාරූප : විදෙස් මාධ්‍ය

Related posts

கஞ்சிபான இம்ரான் அரச இரசாயன பகுப்பாய்வு திணைக்களத்தில் முன்னிலை

Mohamed Dilsad

Afternoon showers expected today – Met. Department

Mohamed Dilsad

මහ රැජිනගේ අභාවයත් සමග රජ කිරුළ චාල්ස් කුමරුට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment