Trending Newsඑසැන පුවත්විදෙස්

ඉන්දීය අගමැති ජී7 සමුළුවට

(UTV | කොළඹ) –

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. ඒ අනුව, තෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ මෝදිගේ පළමු විදෙස් සංචාරය වීම විශේෂත්වයක්.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වන 11 වැනි අවස්ථාව යි. නරේන්ද්‍ර මෝදි ඉන්දීය රාජ්‍ය නායකයා ලෙස, ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන්නේ 5 වැනි වතාවටය.

එහිදී, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මෙලෝනී ද හමුවීමට නියමිතය.

‘ ඉතාලියේ ඇක්විලා පළාතේ, බෝගෝ එග්නාසියා නමැති සුඛෝපබෝගී නිවාඩු නිකේතනයේ සමුළුවට පැවැත්⁣වේ. ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ජපානය සහ ඉතාලිය ජී 7 සමුළුවට අයත් රටවල් වන අතර   ඉන්දියාව ‘ජී7’ සමුළුවට සහභාගී වන්නේ සාමාජික රටක් නොවුණද, ‘ජී7’ කණ්ඩායමට වැදගත් රටක් ලෙසය. ඉන්දියාවට අමතරව තවත් රටවල් කීපයක් ද සමුළුවට සහභාගී වෙයි

ඡායාරූප : විදෙස් මාධ්‍ය

Related posts

Legendary spinner shows interest to join Sri Lanka coaching staff

Mohamed Dilsad

ජංගම දුරකථනයක් පිපිරීයාමෙන් තරුණියක් මරුට

Mohamed Dilsad

18 hour water cut in Kelaniya

Mohamed Dilsad

Leave a Comment