Trending Newsඑසැන පුවත්දේශීය

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි (ජුනි 14)

(UTV | කොළඹ) –

ලෝ

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සෑම වර්ෂයකම අද (ජුනි මස 14 ) දිනට යෙදී තිබෙනවා.

ඒ් වෙනුවෙන් විවිධ කාලීන මාතෘකා යොදා ගනිමින් ශ්‍රී ලංකාව එම දිනය සමරනු ලබයි.

“ජීවිත සුරැකීමට පිය නගමු” යන්න තේමා කරගනිමින් මෙවර එම දිනය සැමරීමේ ජාතික උත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රුධිර පරිත්‍යාගශීලීන් දහසකගේ සහ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් අද දිනයේදී (ජුනි 14) කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පෙරවරු 10.00 ට පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාතික රුධිර පාරවිලයන සේවය කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, රුධිර පාරවිලයන පිළිබද විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දම්මිකා සෙනරත් යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (13) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

රුධිර පරිත්‍යාගශීලීන් දහසක් ඇගයීමටත්, ඊට සමගාමීව දිවයින පුරා පිහිටි පර්ශද රුධිර මධ්‍යස්ථාන වලදී තවත් රුධිර පරිත්‍යාගශීලීන් තුන් දහසක් ඇගයීමටත්, ශ්‍රී ලංකා රුධිර ජනක සෛල දායකයින්ගේ ලේඛණය ආරම්භ කිරීමටත්,රක්තා ජංගම දුරකතන යෙදුම (Rakthaa App) එලි දැක්වීමත්, අද දිනයේ සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මෙහිදී පැවසුවා.

ක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සෑම වර්ෂයකම අද ජුනි 14 වෙනිදාට යෙදී තිබේ.

ඒ් වෙනුවෙන් විවිධ කාලීන මාතෘකා යොදා ගනිමින් ශ්‍රී ලංකාව එම දිනය සමරති.

“ජීවිත සුරැකීමට පිය නගමු” යන්න තේමා කරගනිමින් මෙවර එම දිනය සැමරීමේ ජාතික උත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රුධිර පරිත්‍යාගශීලීන් දහසකගේ සහ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් අද දිනයේදී (ජුනි 14) කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පෙරවරු 10.00 ට පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාතික රුධිර පාරවිලයන සේවය කටයුතු සම්පාදනය කර තිබේ.

ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, රුධිර පාරවිලයන පිළිබද විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දම්මිකා සෙනරත් යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (13) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

රුධිර පරිත්‍යාගශීලීන් දහසක් ඇගයීමටත්, ඊට සමගාමීව දිවයින පුරා පිහිටි පර්ශද රුධිර මධ්‍යස්ථාන වලදී තවත් රුධිර පරිත්‍යාගශීලීන් තුන් දහසක් ඇගයීමටත්, ශ්‍රී ලංකා රුධිර ජනක සෛල දායකයින්ගේ ලේඛණය ආරම්භ කිරීමටත්,රක්තා ජංගම දුරකතන යෙදුම (Rakthaa App) එලි දැක්වීමත්, අද දිනයේ සිදු කිරීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

Related posts

Waruna Priyantha to fill Ranjith Zoysa’s vacant seat in Parliament

Mohamed Dilsad

Dayan Jayatilleka’s Ambassador nomination suspended

Mohamed Dilsad

තෙල් මිල පහළ ට

Mohamed Dilsad

Leave a Comment