විදෙස්

මහ රැජිනගේ අභාවයත් සමග රජ කිරුළ චාල්ස් කුමරුට [UPDATE]

(UTV |  බ්‍රිතාන්‍ය) – මහ රැජිනගේ අභාවයත් සමග ඇයගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු බවට පත්වනු ඇත.

ඔටුන්න වහාම කිරුල හිමි චාල්ස් කුමරු වෙත ලබා දීමට නියමිත අතර ඔහු නිල වශයෙන් III චාල්ස් රජු ලෙස හැඳින්වීමට නියමිතයි.

පෙරවරු 10 ට චාල්ස් කුමරු නිල වශයෙන් රජෙකු ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අනතුරුව ඔහු අගමැති ලිස් ට්‍රස් සහ අනෙකුත් රජයේ නිලධාරීන් හමුවනු ඇති.

නව රජු පැවසුවේ මවගේ අභාවය “මට සහ මගේ පවුලේ සියලුම සාමාජිකයින්ට ඇති ලොකුම ශෝකය” බවයි.

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රජකම් කළ දෙවන එලිසබෙත් රැජින වයස අවුරුදු 96 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වුණා.

ඇය බ්‍රහස්පතින්දා පස්වරුවේ Balmoral Castle හිදී සාමකාමීව මිය ගිය බවයි බකින්හම් මාලිගය පවසන්නේ. දින දෙකකට පෙර රැජින විසින් පත් කරන ලද අගමැති ලිස් ට්‍රස් ඇයව විස්තර කළේ “නූතන බ්‍රිතාන්‍යය ගොඩනඟන ලද පර්වතය” ලෙසින්.

Related posts

පුරවැසිභාවය හිමි වංගනොයි ගංඟාව

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු රජයෙන් මොඩර්නා එන්නත් මිලියන 25ක්

Mohamed Dilsad

ගිවිසුමකට අත්සන් තියන්න ධවල මන්දිරේට පැමිණි සෙලෙන්ස්කිට පුටින්ගෙන් දොස්

Editor O

Leave a Comment