February 2, 2026
  • English
  • தமிழ்
  • +94 114 320 921
  • editor.utv@gmail.com
FacebookTwitterYoutube

UTV News

  • දේශීය
  • විදෙස්
  • ව්‍යාපාරික
  • කලා
  • ක්‍රීඩා
  • ගොසිප්
FacebookTwitterYoutube
UTV News
  • Home
  • දේශීය
  • තැපැල් සේවකයෝ අසනීපයි. ලියුම් බෙදන්නේ නෑ.
Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් සේවකයෝ අසනීපයි. ලියුම් බෙදන්නේ නෑ.

by Editor OJune 13, 20240162
Share0

(UTV | කොළඹ) –

අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ  මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, අද  මධ්‍යම රාත්‍රිිය දක්වා දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන් දැනුවත් කිරීම මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ අරමුණ බව චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බවය.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින අතර එවන් අවස්ථාවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම පිළිගත නොහැකි බව තැපැල්පතිවරයා පවසයි.

කෙසේවෙතත් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි සෑම පියවරක්ම ගන්නා බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.

මේ අතර සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, සිය වෘත්තිය ගැටලු විසඳීමට බලධාරින්ට අවස්ථා ගණනාවකදී දැනුම්දුන්න ද මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවය.

F3 Race
Share0
previous post
වාහන ගෙන්වීම පිළිබඳ තීරණයක්
next post
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවිඩයක්
Editor O

Related posts

(UPDATE)-பாராளுமன்றம் ஒத்திவைப்பு

Mohamed DilsadApril 23, 2019April 23, 2019

මෙහෙමත් අපරාධයක්

Mohamed DilsadFebruary 17, 2023February 20, 2023

අරුගම්බේ ප්‍රදේශය අවධානම්. යන්න එපා. ඇමරිකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක්

Editor OOctober 23, 2024October 23, 2024

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්
  • අමු ඉඟුරු මිල අහසට
  • රනිල් – සජිත් හමුවක්
  • කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්
  • මහව ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ට පහරදීලා..?

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්

Editor OFebruary 2, 2026February 2, 2026
February 2, 2026February 2, 20260

අමු ඉඟුරු මිල අහසට

Editor OFebruary 2, 2026February 2, 2026
February 2, 2026February 2, 20260

රනිල් – සජිත් හමුවක්

Editor OFebruary 2, 2026February 2, 2026
February 2, 2026February 2, 20260

කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

Editor OFebruary 2, 2026February 2, 2026
February 2, 2026February 2, 20260

මහව ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ට පහරදීලා..?

Editor OFebruary 2, 2026February 2, 2026
February 2, 2026February 2, 20260
UTV News
FacebookTwitterYoutube
Copyright ©2024 UTV Media Network (Pvt) Ltd. All Rights Reserved.
UTV News
FacebookTwitterYoutube
  • දේශීය
  • විදෙස්
  • ව්‍යාපාරික
  • කලා
  • ක්‍රීඩා
  • ගොසිප්