December 9, 2025
  • English
  • தமிழ்
  • +94 114 320 921
  • editor.utv@gmail.com
FacebookTwitterYoutube

UTV News

  • දේශීය
  • විදෙස්
  • ව්‍යාපාරික
  • කලා
  • ක්‍රීඩා
  • ගොසිප්
FacebookTwitterYoutube
UTV News
  • Home
  • දේශීය
  • තැපැල් සේවකයෝ අසනීපයි. ලියුම් බෙදන්නේ නෑ.
Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් සේවකයෝ අසනීපයි. ලියුම් බෙදන්නේ නෑ.

by Editor OJune 13, 20240140
Share0

(UTV | කොළඹ) –

අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ  මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, අද  මධ්‍යම රාත්‍රිිය දක්වා දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන් දැනුවත් කිරීම මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ අරමුණ බව චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බවය.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින අතර එවන් අවස්ථාවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම පිළිගත නොහැකි බව තැපැල්පතිවරයා පවසයි.

කෙසේවෙතත් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි සෑම පියවරක්ම ගන්නා බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.

මේ අතර සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, සිය වෘත්තිය ගැටලු විසඳීමට බලධාරින්ට අවස්ථා ගණනාවකදී දැනුම්දුන්න ද මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවය.

F3 Race
Share0
previous post
වාහන ගෙන්වීම පිළිබඳ තීරණයක්
next post
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවිඩයක්
Editor O

Related posts

இஸ்ரேல் -பலஸ்தீன மோதலில் 8 பேர் உயிரிழப்பு

Mohamed DilsadNovember 14, 2018

கொழும்பு பாதுகாப்பு மாநாடு இரண்டாம் நாள் இன்று

Mohamed DilsadAugust 30, 2019

ஜம்மு காஷ்மீரில் பாதுகாப்பு நிலைமை

Mohamed DilsadFebruary 25, 2019February 25, 2019

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • ආපදාවෙන් විනාස වූ රට ගොඩනගන්න සහය දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්⁣වරයාගෙන් ඉල්ලයි….
  • ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහි ගුවන් සේවිකාවගේ ඉල්ලීම අධිකරණයේදී පුතික්ෂේප වෙයි….
  • ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ට, නාමල් රාජපක්ෂගෙන් පොත්පත්
  • ආපදාවට පත්වූවන්ට ආහාර සැපයීමට අදාළ චක්‍රලේඛයක්
  • කතරගම බස්නායක නිලමේ තෝරා ගැනිමේ නිලවරණය හෙට

ආපදාවෙන් විනාස වූ රට ගොඩනගන්න සහය දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්⁣වරයාගෙන් ඉල්ලයි….

Editor ODecember 8, 2025December 8, 2025
December 8, 2025December 8, 20250

ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහි ගුවන් සේවිකාවගේ ඉල්ලීම අධිකරණයේදී පුතික්ෂේප වෙයි….

Editor ODecember 8, 2025December 8, 2025
December 8, 2025December 8, 20250

ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ට, නාමල් රාජපක්ෂගෙන් පොත්පත්

Editor ODecember 8, 2025December 8, 2025
December 8, 2025December 8, 20250

ආපදාවට පත්වූවන්ට ආහාර සැපයීමට අදාළ චක්‍රලේඛයක්

Editor ODecember 8, 2025December 8, 2025
December 8, 2025December 8, 20250

කතරගම බස්නායක නිලමේ තෝරා ගැනිමේ නිලවරණය හෙට

Editor ODecember 8, 2025December 8, 2025
December 8, 2025December 8, 20250
UTV News
FacebookTwitterYoutube
Copyright ©2024 UTV Media Network (Pvt) Ltd. All Rights Reserved.
UTV News
FacebookTwitterYoutube
  • දේශීය
  • විදෙස්
  • ව්‍යාපාරික
  • කලා
  • ක්‍රීඩා
  • ගොසිප්