දේශීය

පොහොරට කියා කුණු මාළු නැවක් ගෙන්වූ සැමන් කර්මාන්ත කරුවා!

(UTV | කොළඹ) – සීෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් ගත් නෞකාවක තිබූ නරක් වූ මාළු අඩංගු බහාලුම් 98ක් කාබනික පොහොර සෑදීමට බව කියමින් මෙරටට ගොඩ බා ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වී ඇත.

එම නෞකාව මෙරටට ගෙන ඒමට කටයුතු කළ මෙරට නියෝජිතයා සතු ව සැමන් කර්මාන්ත ශාලාවක් පවතින බවත් නෞකාවේ තිබු නරක් වූ මාළු අඩංගු බහාලුම් 04කට සිදු වූ දෙයක් නොමැති බවත් එහි දී වැඩිදුරටත් හෙළි වී තිබේ.

නෞකාවට වරයේ ගොඩ බෑම සඳහා බලපත්‍රයක් ලබා දී ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ආනයන අපනයන පාලක ජනරාල් ටී.ටී.උපුල්මලී ප්‍රේමතිලක මහත්මොය පැවසුවේ, මෙම බලපත්‍රය මත්ස්‍ය අපද්‍රව්‍ය සඳහා නිකුත් කර ඇති බවයි.

මාර්තු 05 වැනි දා මීට අදාළ සියලු රාජ්‍ය ආයතන කැඳවා මේ පිළිබඳ වැඩිදුරටත් සොයාබලන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Related posts

පාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීමත් අවදානම්

Mohamed Dilsad

කොළඹ බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුම් දීමක්

Mohamed Dilsad

වසර තුනකට පසු පරාක්‍රම සමුද්‍රයේ වාං දොරටු සියල්ලම විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment