දේශීය

වසර තුනකට පසු පරාක්‍රම සමුද්‍රයේ වාං දොරටු සියල්ලම විවෘත කරයි

(UTV | පොළොන්නරුව ) – පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ම විවෘත කර ඇත.

එලෙස වාං දොරටු 10 ම විවෘත කරනු ලැබුවේ වසර තුනකට පසුව බවයි පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ.හේවාගම මහතා සඳහන් කළේය.

වාං දොරටු 10 න් 8 ක් අඩියක් බැගින් ද වාං දොරටු 2 ක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇති අතර මේ හේතුවෙන් ඉන් තත්පරයට ඝන අඩි 1620 ක් පිටතට මුදා හැරෙමින් පවතිනවා.

පහත් බිම් ජලයෙන් යට වීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

Related posts

කතරගම බස්නායක නිලමේ තෝරා ගැනිමේ නිලවරණය හෙට

Editor O

කෝප් සහ කෝපා සභාපති ධුර සජබයට

Mohamed Dilsad

ආණ්ඩුකාරවරු නව දෙනෙක් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙති

Editor O

Leave a Comment