දේශීය

දියේ ගිලී 15 හැවිරිදි දරුවෙක් අතුරුදන්

පානම පොලිස් වසමේ පානකුල මුහුදු තීරයේ දියනෑමට ගිය දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පානම පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

 

එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 15ක සුමේද මාවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

 

දරුවා ගනේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග දියනාමින් සිටියදී දියේ ගිලී අතුරුදන්ව තිබේ.

 

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, පානම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්ව ඇති දරුවා සොයා මෙහෙයුම් දියත් කර ඇත.

 

පානම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවයි

Mohamed Dilsad

ලෝකය පුරා සිටින දක්ෂ සේවකයන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සැලැස්මක්

Editor O

මාලිමාවට බලය හිමි, ඌව පරණගම සභාවේ අය-වැය පරාදයි

Editor O

Leave a Comment