දේශීයවිදෙස්

සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවයි

(UTV| කොවිඩ් 19) –  මේ වන විට ලෝ පුරා කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි 64 ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

මෙම තත්ත්වය හමුවේ වෛරසය ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව එක්කෝටි 37,440 ඉක්මවා ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

මේ වන විට වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 652,256 ක්.

ගතවූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සටහන් වී ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය 714 ක්.

මේ වනවිට අමෙරිකාවේ කොවිඩ් මරණ ගණන එක් ලක්ෂ 50 දහසකට ආසන්න වී තිබේ.

මේ අතර ස්පාඤ්ඤය තුළ මේ වනවිට කොරෝනා වෛරසය පාලනය කර ඇති බව එරට රජය ප්‍රකාශ කර සිටියේය.

ස්පාඤ්ඤ රජය මේ බව ප්‍රකාශ කර ඇත්තේ ස්පාඤ්ඤයේ සිට පැමිණෙන සංචාරකයන් දින 14 ක ස්වයං නිරෝධායනයකට ලක්කළ යුතු බවට බ්‍රිතාන්‍ය දැනුම්දීමත් සමඟයි.

Related posts

බැග්ඩෑඩ්හි අධි ආරක්ෂිත කලාපයට මිසයිල ප්‍රහාර දෙකක්

Mohamed Dilsad

රෙජිස්ට්‍රාර් තනතුර සමඟ සාමදාන විනිශ්චයකාරකම පිරිනමන්න – අගමැති

Mohamed Dilsad

මියන්මාර හමුදාවේ YouTube නාලිකා පහක් අවහිර කරයි

Mohamed Dilsad

Leave a Comment