දේශීය

විමල්ට එරෙහි නඩුව ජනවාරි 29 කැඳවයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරුන් විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් අද (13) ප්‍රතික්‍ෂේප කළේය.

 

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට විමල් වීරවංශ මහතාට චෝදනා එල්ලවී තිබේ.

 

ඒ අනුව අදාල නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 29 වනදා කැඳවන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.

 

ඊට අදාළ තිරණය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවත් නඩුව විභාගය සඳහා දින නියම කරන බවය.

Related posts

රාජ්‍ය සේවකයින්ට 2025 ජනවාරි 01 සිට වැටුප් වැඩිවීම ස්ථීරයි

Editor O

බැස්ටියන් මාවතේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

කඩවත වෙඩි තැබීම ගැන හොයන්න කණ්ඩායම් 04 ක්

Mohamed Dilsad

Leave a Comment