දේශීය

මාතර – රත්නපුර මාර්ගයේත් නායයෑමක්

මාතර – රත්නපුර මාර්ගයේ (A17 ) 85 සැතපුම් කණුව ‘අනිල් කන්ද’ ස්ථානයේ නායයෑමක් සිදුවී තිබේ.

 

මේ හේතුවෙන් එම මාර්ගය ගමනාගමන කටයුතු සඳහා අවහිරවී ඇති බව වාර්තා වෙයි.

 

අප වාර්තාකරු පවසන්නේ මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටී ඇති බවය.

 

මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් සිටී.

 

එම මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග ලෙස කෑල්ල හංදිය, සුරීයකන්ද හරහා ඌරුබොක්ක දක්වා ගොස් මාතරට ගමන් කළ හැකි බවද වැඩිදුරටත් දැනුම්දී ඇත.

Related posts

බටලන්ද කොමිෂමේ විවාදය අද

Editor O

කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බාර් යුගය අවසන් : දැන් තියෙන්නේ ස්කාගාර යුගයක් : ඒක තමයි පුනරුදේ

Editor O

Leave a Comment