දේශීය

අගවිනිසුරු ට යොමුකළ ලිපියක් ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිපියක් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකරන බවට කථානායකවරයා ඇතුළු වගඋත්තරකරුවන් විසින් දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

 

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් විසින් අගවිනිසුරුවරයා වෙත එම ලිපිය යොමුකර තිබුණි.

 

නීතිපතිවරයා එය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ නීතිඥවරයෙකු විසින් ඉදිරිපත්කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදීය.

Related posts

ව්‍යාවසායකයින් සවිබල ගැන්වීමට ඉන්දියාවෙන් මිලියන 250ක්

Mohamed Dilsad

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

නිසාම් කාරියප්පර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.

Editor O

Leave a Comment