දේශීය

දේවාලයට ආ පුද්ගලයාව කපුවා එලොව යවයි

දේවාලයක කපුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා තිබේ.

 

වාකරේ, මාන්කේනි ප්‍රදේශයේ නිවසක පිහිටි දේවාලයකට පැමිණි පුද්ගලයෙකු සහ කාන්තාවක් මෙම සිද්ධියට මුහුණදී ඇත.

 

ඔවුන් දෙදෙනා යම් කටයුත්තක් සඳහා දේවාලයට පැමිණ ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියකින් පසු පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

 

පහරකෑමෙන් තුවාල ලැබූ කාන්තාව මඩකලපුව රෝහලේ ප්‍රතිකර ලබමින් සිටී.

 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඇය සමග සිටි ඇයගේ සහෝදරයා ය.

 

කපුවාගේ පහරදීමෙන් පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුණානි ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

 

වාකරේ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක් : දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 07ක ට ලකුණු 302

Editor O

අපහසුවෙන් ඇවිදින අතෙකුට ප්‍රතිකාර ලබදෙයි

Editor O

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් Online ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment