දේශීය

කල්මුණේ පරිවාස නිවාසයේ පාලිකාවට අධිකරණය දුන් නියෝගය

කල්මුණේ ප්‍රදේශයේදී 14 හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාසයේ පාලිකාව හෙට දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

 

සැකකාර කාන්තාව කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

 

කල්මුණේ, පරිවාස දෙපාර්තමේන්තු ළමාරක්ෂක නිවාසයක ප්‍රධාන පාලිකාව සිදුකළ පහරදීමක් හේතුවෙන් එහි රඳවා සිටි 14 හැවිරිදි දරුවෙකු මියගියේය.

 

අත්අඩංගුවට ගත් 28 හැවිරිදි ප්‍රධාන පාලිකාව පාපොච්චාරණය කර ඇත්තේ, දරුවාගේ මුරණ්ඩුකම් නතරකිරීමේ අරමුණෙන් ඔහුට පහරදුන් බවයි.

 

කල්මුණේ ඉස්ලාමාබාද්හි පිහිටි පරිවාස දෙපාර්තමේන්තු ළමාරක්ෂක නිවාසයේ රඳවා සිටි මෙම දරුවා නොවැම්බර් 30 වනදා අලුයම් කාලයේ සිහිසුන්ව කාමරයක වැටී සිටින බවට කල්මුණේ පොලිසියට තොරතුරක් ලැබී තිබුණි.

 

ඒ අනුව පොලිස් නිලධාරින් වහාම එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී දරුවා මිය ගොස් ඇතැයි තහවුරුවී තිබුණි.

 

දරුවාගේ ඥාතීන් මරණය පිළිබඳ සැක පළකළේ මියගිය දරුවාගේ සිරුරෙහි වූ තුවාල කිහිපයක් නිරීක්ෂණය වීම හේතුවෙනි.

 

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරියාවරයාගේ නිගමනය වූයේ මොට ආයුධයකින් පහරදිම නිසා දරුවාගේ සිරුරේ තුවාල හටගෙන තිබූ අතර අභ්‍යන්තර තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවය.

 

ඒ අනුව මනුෂ්‍ය ඝාතනයකට අදාළව ළමාරක්ෂක නිවාසයේ ප්‍රධාන පාලිකාව ඊයේ කල්මුණේ පොලිස් ස්ථානයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැණුනි.

 

ඇය ත්‍රිකුණාමලයේ පදිංචි කාන්තාවකි.

 

ඝාතනය ලක්වූ ඒ.ටී දර්ශන නැමැති 14 හැවිරිදි දරුවා මඩකලපුව ප්‍රදේශයේ කෝවිලක භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොවැම්බර් 16 වැනිදා අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාස භාරයට පත්කර තිබුණි.

 

ඔහු පසුගිය දින කිහිපය පුරා මුරණ්ඩු ආකාරයට හැසිරී ඇති නිසා එය නතර කිරීමට තමන් පහරදුන් බව පාලිකාව පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

 

මේ අතර මියගිය දරුවාගේ දේහය රැගෙන ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අද පස්වරුවේ කොකුවිල් පොලිසිය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයකද නිරත විය.

 

අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු කොකුවිල් පොදු සුසාන භූමියේදී සිදුකෙරුනි.

Related posts

හෙලිකොප්ටර් මඟින් විෂබීජ හරණයක් සිදු නොකරන බවට නිවේදනයක්

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට එරෙහිව පෙත්සමක්

Mohamed Dilsad

සබරගමු සරසවියේ පළමු වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු සඳුදා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment