විදෙස්

සිව්දින සටන් විරාමය තුළ තවත් පලස්තීනුවන් 39කට නිදහස

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ප්‍රකාශයට පත් කළ තාවකාලික සටන් විරාමයට සමගාමීව ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින තවත් පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කර තිබේ.

 

ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමේ තුන්වන දිනය යටතේ මෙම පලස්තීන සිරකරුවන් පිරිස නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල රැඳවියන් 13 දෙනෙකු නිදහස් කිරීමට ප්‍රතිචාර වශයෙන් එම පිරිස නිදහස් කර ඇති බව සඳහන්ය.

 

මේ අතර හමාස් සංවිධානය විසින් ඊයේ (26) දිනයේ නිදහස් කළ ඊශ්‍රායල ඇපකරුවන් පිරිස මේ වන විට ඊශ්‍රායලය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව දින හතරක සටන් විරාමය අතරතුර හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 50දෙනෙකු නිදහස් කිරිමට නියමිතය.

 

ඒ වෙනුවට පලස්තීන සිරකරුවන් 150 දෙනෙකු නිදහස් කිරීමට නියමිත අතර මානුෂීය ආධාරයන් ද මේ වන විට ගාසා තීරයට ඇතුළු වෙමින් පවතින බවද සඳහන්ය.

 

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ප්‍රකාශයට පත් කළ තාවකාලික සටන් විරාමයේ දෙවන දිනය අවසන් වන විට ගාසා තීරයේ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 41 දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය මේ වන විටපියවර තිබේ.

 

Related posts

කොරෝනා මරණ ගණන 103කින් ඉහළට

Mohamed Dilsad

ටික්ටොක් ඇතුලු චීන Apps 59 ක් ඉන්දියාව තහනම් කරයි

Mohamed Dilsad

තවත් සෙල්ෆියකට ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණියක්(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment