විදෙස්

පාකිස්ථානයේ බස් රථයේ සිටි පුද්ගලයන් 14 ක් වෙඩි තබා ඝාතනය කෙරේ..

(UTV| පකිස්ථානය) – පකිස්ථානයේ කරච්චි නගරයේ සිට ගවඩාර් නගරය වෙත අද (18) පෙරවරුවේ ගමන් කරමින් තිබූ බස් රථයක් පැහැරගත් පුද්ගලයෙකු විසින් රථයේ සිටි 14දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මගීන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තෝරාගත් පිරිසක් ඝාතනය කර ඇතැයි මූලික පරීක්ෂණ වලින් අනාවරණය වි ඇත.

ඔහු ඝාතනය කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ කුමන පදනමක් මතද යන්න පිලිබඳ පැහැදිලි නැති බව පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතන සිදුව ඇති බලුකිස්ථාන ප්‍රාන්තය බෙදුම්වාදීන් සහ ඉස්ලාම් සටන්කාමින් යන දෙපිරිසම ක්‍රියාත්මකව සිටින ප්‍රදේශයක වන බවත් කියැවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා මුණ ගැසීමට සුදානම්

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ඡන්ද විමසීම බ්‍රිතාන්‍යයේ පරාදයි

Mohamed Dilsad

ජම්මු කාශ්මීරයට ස්වයං පාලන බලය අකැපද?

Mohamed Dilsad

Leave a Comment