විදෙස්

ජම්මු කාශ්මීරයට ස්වයං පාලන බලය අකැපද?

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට ස්වයංපාලන බලතල හිමිකර දුන් එරට ව්‍යවස්ථාවේ 370වන වගන්තිය අහෝසි කිරීමට ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය හිමිව තිබේ.

ඒ සම්බන්ධයෙන් ඇතැම් ඉන්දීය වැසියන් ප්‍රීතිය පල කළද පාකිස්ථානය මෙම තීරණය හෙළාදැක ඇති බව විදෙස් වාර්තා පවසයි.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට මෙතෙක්  විශේෂ ස්වයංපාලන බලතල හිමිකරදුන්නේ එරට ව්‍යවස්ථාවේ 370වන වගන්තිය අනුවය.

නමුත් එය අහෝසි කිරීමට රජය පියවර ගෙන ඇත්තේ පාකිස්තාන සන්නද්ධ කණ්ඩායමක් ජම්මු කාශ්මීරය ඔස්සේ ඉන්දියාවට ඇතුළුවීමට තැත්කිරීමේ සිද්ධියකින් පසුවයි.

වසර 70ක පමණ කාලයක සිට පැවත එන කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය රජය ඉතා දැඩි පියවරක් අනුගමනය කළ පළමු අවස්ථාව මෙය බවද විදෙස් වාර්තාවල දැක්වේ.

මෙම තීරණයත් සමඟ කාශ්මීරයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගනු ඇතැයිද දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන කොත්තමල්ලි ගබඩාවක් වටලයි

Mohamed Dilsad

චීනය හයිබ්‍රිඩ් වර්ගයේ විශාලතම දුම්රිය අත්හදා බලයි

Mohamed Dilsad

ජනපති බයිඩ්න් බූස්ටර් මාත්‍රාව ගනී

Mohamed Dilsad

Leave a Comment