විදෙස්

ඇෆ්ගනිස්ථානයේදී සටන්කාමීන් 80ක් මරුට

(UTV|ඇෆ්ගනිස්ථානය)  ඇෆ්ගනිස්ථානයේ ෆාරාබ් ප්‍රාන්තයේ එරට හමුදා සිදු කළ මෙහෙයුමකදී සටන්කාමීන් 80 දෙනෙකු මියගොස් තිබේ.

මෙහෙයුම අතරතුර තලෛබාන් සටන්කාමීන්ගේ කදවුරු ඉලක්ක කරගනිමින්  එල්ලකළ ප්‍රහාරවලදී  ඔවුන් මියගොස් ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථාන හමුදාව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මියගිය සටන්කාමීන් අතර තලෛබාන් සංවිධානයේ ඉහළ පෙළේ සාමාජිකයින් 16 දෙනෙකු වන බවයි.

ඇෆ්ගන් හමුදාව සිදුකළ මෙම සෝදිසි මෙහෙයුම අතරතුරදී ආරක්ෂක අංශ නිළධාරීන් සහ සිවිල් වැසියන් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.

මේ වනතෙක් මේ සම්බන්ධයෙන් තලෛබාන් සටන්කාමීන් විසින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා පැතිරීම වේගවත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන පවසයි

Mohamed Dilsad

අයිෆල් කුළුණ තාවකාලිකව වැසේ

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව අද

Mohamed Dilsad

Leave a Comment