ප්‍රමුඛ පුවත 1

කල්මුණේ උපවාසයේ නිරත හිමිනමක් ඇතුළු සිව් දෙනෙකු උපවාසය අත්හරී

(UTV|කල්මුනෙයි) – කල්මුණේ, උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලයක් බවට පත් කරන ලෙස ඉල්ලා උපවාසයේ නිරත 5 දෙනාගෙන් සිව් දෙනෙකු උපවාසය අතහැර තිබේ.
ඒ අද (22) පෙරවරුවේ උපවාසය පැවති ස්ථානයට බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැමිණිමෙන් පසුවය.

මෙහිදී ඥානසාර හිමියන් පොරොන්දුවී ඇත්තේ මාසයක් ඇතුළත අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවටයි.

ඉන් පසුව කල්මුණේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති පූජ්‍ය රන්මුතුගල සංඝරතන හිමියන්, සචිත්‍රා නන්දන් කුරුක්කල්තුමන්, කල්මුණේ නාගරික මන්ත්‍රී අලගකෝන් විජේරත්නම් සහ දෙමළ වෙළද සංගමයේ නියෝජිතයෙකු මෙලෙස උපවාසය අතහැර තිබේ.

නමුත් කල්මුණේ නාගරික මන්ත්‍රී චන්ද්‍රසේකරන් රාජන් තවදුරටත් උපවාසයේ නිරත වන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ නව නුවර මාර්ගයේ රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

මැතිවරණයේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් අපේක්සෂකයින්ට ඇමති රිෂාඩ්ගේ සහය

Mohamed Dilsad

සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රවීණ පත්‍රකලාවේදියෙකු වූ සුනිල් මිහිදුකුල මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment