ප්‍රමුඛ පුවත 1

පළාත් කීපයකට තද වැසි හා සුළං

(UTV| කොළඹ) – අද දිනයේදීත් සබරගමුව සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 කට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ වගේම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි බවත් එම දෙපාර්තාම්න්තුව නිවේදනය කරයි.

ඊට අමතරව ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 50 ක් දක්වා ඉහළ යා හැක.

ඒ සම්බන්ධයෙන් ධීවර හා නාවික ප්‍රජාව දැඩිව විමසිලිමත් විය යුතු බවත් එම නිවේදනයේ සදහන්.

දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත්, විටින් විට පැයට කිලෝමීටර් 40 – 50 ත් දක්වා තරමක තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි.

Related posts

ත්‍රිරෝද රථ රියදුරන්, රියදුරු මහත්වරුන් කිරීමට සැළසුමක්

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ගේ නඩුව කල් යයි

Mohamed Dilsad

ජන බලය නිසා අවහිර වන මාර්ග

Mohamed Dilsad

Leave a Comment