විදෙස්

ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා මුණ ගැසීමට සුදානම්

(උදයම්,ඇමෙරිකාව)  –  හොඳ අවස්ථාවක් උදා වේ නම් උතුරු කොරියානු නායක කිම් ජොං අං මුණ ගැසීමට තමා සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

එය ගෞරවයක් ලෙස තමා සලකන බවයි බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමරිකානු නායකයා ඊයේ කියා සිටියේ.

උතුරු කොරියානු නායකයා මුණ ගැසීම සුදසු නම්, තමා ඒ සඳහා නොපැකිලෙන බව ඔහු අවධාරණය කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දැඩි උණසුම් වාතාවරණයක් පැණ නැගී ඇති මොහොතකය.

කෙසේ නමුත් ධවල මන්දිරය පසුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනපති ට්‍රම්ප් සහ කිම් ජොං අං අතර සාකච්ඡාවක් ඇතිවීමට පෙර උතුරු කොරියාව කොන්දේසි කිහිපයක් සම්පූර්ණ කළ යුතු බවය.

උතුරු කොරියාව, ප්‍රකෝපකාරී ක්‍රියා අත්හැරීම වහා සිදුකළ යුතු බව ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් එහිදී අවධාරණය කළ සිටියේය.

Related posts

නේපාලය ”ටෙලිග්‍රෑම්” යෙදුම තහනම් කරයි

Editor O

‘පෙලෝසි තායිවාන සංචාරය අවුල් වියවුල් වැපිරීමක්’

Mohamed Dilsad

ගිනි කඳු පිපිරීමකින් හත්දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment