විදෙස්

මුල් දින 100 තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීමක්

(UTV | ඇමරිකාව) – තමා බලයට පත්ව මුල් දින 100 තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස අමෙරිකා ජනාධිපතිවරණ ජයග්‍රාහක ජෝ බයිඩ්න් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කරයි.

එමගින් වෛරසය පාලනය සැළකිය යුතු මට්ටමකින් සිදුකර ගත හැකි බව ඔහු පෙන්වාදෙන අතර , සියලු රාජ්‍ය ආයතනවල මුව ආවරණ භාවිතය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බවද බයිඩ්න් ප්‍රකාශ කර ඇත.

දිනෙන් දින ඇමරිකාවේ තත්ත්වය දරුණුවන අවස්ථාවක ඊයේ දිනයේදී කොවිඩ් මරණ 2918 ක් වාර්තා වී තිබේ.

එය මේ දක්වා එරටින් එක් දිනයකදී සටහන් වූ වැඩිම මරණ ගණනයි.

මේ අනුව ඇමෙරිකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන දෙලක්ෂ 82 ,829 දක්වා ඉහළ යනු ඇත.

 

Related posts

ට්‍රම්ප් හා කිම් ජොන් උන් අතර හමුවක්.

Mohamed Dilsad

ට්විටර් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අඛණ්ඩවම

Mohamed Dilsad

2021 දී ඉන්දියාවෙන් උඩුගුවනට මිනිසුන් යැවීමේ සැලසුමක්.

Mohamed Dilsad

Leave a Comment