දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

 

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව ඉකුත් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එහි දෙවන වර කියවීමේ විවාදය අද සිව්වන දිනටත් සිදුකෙරේ.

 

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වනදා පස්වරු 6ට පැවැත් වෙයි.

 

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වනදා සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 13 වන දින පස්වරු 6ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට අලුත් සන්ධානයක්

Editor O

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුව අතට

Mohamed Dilsad

කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක්

Mohamed Dilsad

Leave a Comment