දේශීය

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැරගෙන

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයෙකු චෙන්නායි හීදි පැහැරගැනීමට ලක්කළ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින බවය.

 

තම පියා පැහැරගත් පිරිසක් ඔහු නිදහස් කිරීමට නම් ඉන්දීය රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදෙන ලෙසට ඇමතුමක් ලැබුණු බව පැහැරගැනීමට ලක්වු බව කියන තැනැත්තාගේ දියණිය ලෙස හැදින්වු කාන්තාවක් පොලීසියට දැනුම්දී තිබුණි.

 

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී පැහැරගැනීමට ලක්වු තැනැත්තා සොයාගැනීමටත්, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා

කරයි.

 

Related posts

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂය හෙට රැස්වේ

Mohamed Dilsad

දිස්ත්‍රික් 04ක අවධානම් ස්ථානවල ජනතාව ඉවත් කෙරේ

Editor O

ඇමෙරිකාව පැරදූ එංගලන්තය ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසෙයි.

Editor O

Leave a Comment