විදෙස්

ඊශ්‍රායල් – හමාස් යුද්ධය ගැන තීරණයක්

ඊශ්‍රායල් – හමාස් යුද්ධයේ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් සම්මත කර තිබේ.

 

ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත අත්‍යවශ්‍ය ආධාර ලබාදීම වෙනුවෙන් මෙම සටන් විරාමය ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නිවේදනය කර ඇත.

 

එමෙන්ම දෙපාර්ශ්වය අතර පවතින ගැටුම්වලදී ජාත්‍යන්තර නීතිවලට අනුකූල වන ලෙසද ඔවුන් මෙම යෝජනාව හරහා ඉල්ලා තිබේ.

 

මෙම යෝජනාව වැඩි ඡන්ද 12 කින් සම්මතවී ඇති අතර අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ රුසියාව ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන්

කරයි.

 

Related posts

පිලිපීනයේ බන්ධනාගරයකින් රැදවියන් 150 ක් පලායති.

Mohamed Dilsad

ෆින්ලන්ත අගමැතිනිට චෝදනා

Mohamed Dilsad

ඇමරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment