විදෙස්

සෝමාලියානු ජනපතිගේ පුත්‍රයාට තුර්කියෙන් වරෙන්තු

 

සෝමාලියානු ජනාධිපතිවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කිය විසින් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබේ.

 

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෝමාලියානු ජනාධිපතිවරයාගේ පුත්‍රයාට චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

තුරුකියේ ස්ථාන්බුල්හි දී මෝටර් රථයක් ධාවනය කරමින් යතුරු පැදිකරුවෙකු අනතුරට ලක්කර සෝමාලියානු ජනාධිපතිවරයාගේ පුත්‍රයා පළාගොස් තිබුණි.

 

සෝමාලියානු කොන්සල් කාර්යාලයට අයත් මෝටර් රථයක් එලෙස ධාවනය කර අනතුර සිදුකර ඇති බව සඳහන්ය.

 

තුර්කිය විසින් සෝමාලියානු ජනාධිපතිවරයාගේ පුත්‍රයාට සංචාරක තහනමක් පැනවුව ද ඔහු රටින් පළාගොස් ඇති බව වාර්තා වෙයි.

 

අදාළ චෝදනාව සම්බන්ධයෙන් සෝමාලියානු ජනාධිපති හසන් ෂෙයික් මොහොමුද්ගේ පුත්‍ මොහොමඩ් හසන් චෙයික් මොහොමඩ් මෙතෙක් කිසිදු අදහසක් දක්වා නොමැති බව සඳහන්ය.

Related posts

ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් 80ක් මිය ගිය බවට තොරතුරු

Mohamed Dilsad

යුක්රේනය සීනොවැක් එන්නත භාවිතය අරඹයි

Mohamed Dilsad

චීනය සිංගප්පූරුවට සහ ඉන්දියාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment