විදෙස්

යුක්රේනය සීනොවැක් එන්නත භාවිතය අරඹයි

(UTV|  යුක්රේනය) – චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා 215,000 ක් පමණ සෞඛ්‍ය බලධාරීන් විසින් සමාලෝචනය කර සම්මත කර ඇති බවත්, එම එන්නත් වහාම භාවිතය අරඹන බවත් යුක්රේන සෞඛ්‍ය අමාත්‍ය මැක්සිම් ස්ටෙපනොව් ඊයේ (13දා) කියා සිටියේය.

මෙම එන්නත් ලබාදීමේදී ආරක්ෂක අංශවලට මෙන්ම, නිදහසේ ගමන් කිරීමට නොහැකි අයටද ප්‍රමුඛතාවය දෙන බව යුක්රේනය කියයි.

මිලදී ගැනීමේ ගිවිසුමට අනුව සීනොවැක් හි කොවිඩ්-19 මර්දන එන්නතෙහි අතිරේක මාත්‍රා මිලියන 1.7ක් ඉක්මනින් ලබාගැනීමටද නියමිතව තිබේ.

සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා 200,000ක පළමු තොගය පසුගිය මාර්තු 25දා යුක්රේනයේ කියෙව් නගරය වෙත පැමිණියේය.

Related posts

පාකිස්තානයේ භූ චලනයක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල සිදුවු ප්‍රහරයෙන් මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

යුරෝපයේ රටවල් රැසක් යළිත් කොරෝනා නීති දැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment