විදෙස්

යුරෝපයේ රටවල් රැසක් යළිත් කොරෝනා නීති දැඩි කරයි

(UTV | කොවිඩ් 19) – යළිත් වරක් කොරෝනා මර්දන නීති දැඩි කිරීමට යුරෝපයේ රටවල් රැසක් තීරණය කර ඇත.

නෙදර්ලන්තය තුළ අර්ධ වශයෙන් රට වසා තබා ඇති අතර මුව ආවරණ භාවිතයද අනිවාර්ය කිරීමට එරට රජය තීරණය කර තිබේ.

චෙක් රාජ්‍යය තුළ සියලුම පාසල් , අවන්හල් සහ සමාජ ශාලා වසා තැබීමට පියවර ගෙන තිබෙන අතර , ජර්මනිය , ප්‍රංශය , මහා බ්‍රිතාන්‍යය ඇතුලු යුරෝපා රටවල් කිහිපයක්ද යළිත් නිරෝධායන සීමා දැඩි කිරීමට තීරණය කර ඇත්තේ කොවිඩ් ආසාදිතයන් හමුවීම ඉහළ යාම සැළකිල්ලට ගෙනයි.

කෙසේ නමුත්, ඊයේ ඉන්දියාවෙන් වාර්තා වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව මාස දෙකකින් සටහන් වූ අවම අගය ලෙස වාර්තා වී ඇත.

මේ වන විට ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 71 ලක්ෂ 70,000 ඉක්මවා ඇත.

Related posts

සත්ත්ව නිෂ්පාදන කැලිෆෝනියාවේ තහනම් කෙරේ

Mohamed Dilsad

අයි.එස් නායකයා මිය ගිය බවට ජනපති ට්‍රම්ප් තහවුරු කරයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ එක් දිනක සිදුවූ වැඩිම මරණ ගණන

Mohamed Dilsad

Leave a Comment