දේශීය

මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

නෝටන්බ්‍රිජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය නායයෑමකට ලක්ව තිබේ.

 

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (04) උදෑසන 10.30ට පමණ මෙම නායයෑම සිදුව ඇත‍.

 

එම මාර්ගයේ ගමන් ගත් වාහන ධාවනය කිරීමේ දී මාර්ගයේ බෑවුම් ප්‍රදේශයෙන් රථ වාහන ධාවනය නොකරන ලෙසට පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

 

එම මාර්ගයේ ස්ථාන කිහිපයක නායයෑමේ සහ පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින බැවින් රථ වාහන ධාවනයේ දී සැලකිලිමත් වන ලෙස ද පොලීසිය සඳහන්කරයි.

 

Related posts

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

Editor O

ගංවතුරට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් සීරුවෙන්

Mohamed Dilsad

ගෝලීය ආර්ථික අවපාතයක් ගැන IMF වෙතින් දැඩි අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment