දේශීය

යමුණා වෙත්තසිංහ සේවයෙන් පහකිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ලංකා නැව් සංස්ථා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ලෙස කටයුතු කළ යමුණා වෙත්තසිංහ මහත්මිය සේවයෙන් පහ කිරීමට එම සමාගමේ සභාපතිවරයා ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව පෙත්සම්කාරිය සේවයෙන් පහකළ 2022 වසරේ නොවැම්බර් මස 02 වනදා සිට ඇයට හිමි දීමනාවලින් අඩක් නඩු විභාගය අවසන් වන තුරු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගවල සඳහන් වුණි.

 

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය. ජයම්පති වික්‍රමරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.

 

පෙත්සම්කාරිය කියා සිටින්නේ, තමන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනාවන් බොහෝමයකම පැමිණිලිකරු අදාළ නැව් සංස්ථා සමාගමේ සභාපතිවරයා බවය.

 

නමුත් තමාගේ සේවය අත්හිටුවීම, මූලික පරීක්ෂණය සඳහා නිලධාරියකු පත්කිරීම, චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම සහ සේවය අත්හිටුවා දඬුවම් නියම කිරීම සිදුකර ඇත්තේ සභාපතිවරයා විසින්ම බවත් ඇය චෝදනා කළාය.

 

තමාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ සභාපතිවරයා මේ ආකාරයෙන් කටයුතු කිරීම නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

 

පෙත්සම් විභාගය ලබන වසරේ ජුනි මස 8 වනදා පැවැත්වීමට ද දින නියම කෙරුණි.

Related posts

අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය සිව් ගුණයකින් ඉහළට

Mohamed Dilsad

අලූත්ගම අවට ප්‍රදේශ රැසකට අද පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදා හැරීමට අවශ්‍ය මුදල් මහ බැංකුවෙන් ලබාදීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment