දේශීය

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

පන්නල පොලිස් වසමේ අක්කර 04යි පර්චස් 23ක ඉඩමක් සඳහා ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර එම දේපොළ පවරා ගෙන රුපියල් ලක්ෂ 160කට අලෙවි කර මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබුණේ, 2017 වර්ෂයේදී වන අතර අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබුණි.

 

පොලීසිය පැවසුවේ, එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් බවය.

 

අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකි.

 

සැකකරු ඊයේ (13) කුරුණෑගල මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 05ක ශරීර ඇප 02ක් හා රුපියල් 10,000ක මුදල් ඇප මත මුදා හැර තිබේ.

Related posts

නව ආසාදිතයන් 348 දෙනෙක් හඳුනා ගැනේ

Mohamed Dilsad

EPF පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කොරෝනා ආසාධිත බවට සැක රෝගීන් තවදුරටත් ප්‍රතිකාර

Mohamed Dilsad

Leave a Comment