විදෙස්

ගාසාහි රෝහල් සුසාන භූමි බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

උතුරු ගාසාහි ජබාලියා සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් සරණාගතයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබේ.

 

මධ්‍යම ගාසාහී සිවිල් වැසියන්ගේ නිවාසවලට එල්ල කළ ප්‍රහාරවලින් ද විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

 

මේ වන විට පලස්තීනයේ රෝහල් පද්ධතිය ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන් බිඳවැටී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රෝහල් සුසාන භූමි බවට පත්ව ඇති බවය.

 

රෝහල් ඇතුළත සහ පිටත නොමෙරූ බිලිඳන් ඇතුළු මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගසා ඇති බව වාර්තා වේ.

 

අඛණ්ඩව එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දරුවන් කාන්තාවන් ඇතුළු 100 ගණනක් දෛනිකව මියගිය ද එම සංඛ්‍යා ලේඛන මේ වන විට යාවත්කාලීන වීමක් සිදුනොවන බව විදෙස් වාර්තා පවසයි.

 

මේ අතර හමාස් ප්‍රකාශක ඔසාමා හම්දාන් පැවසුවේ ප්‍රාණ ඇපකරුවන් මුදාහැරීම සඳහා මැදිහත්කරුවන් සමග එකඟතාවලට පැමිණිය ද ඊශ්‍රායලය නැවත නැවතත් අවසන් මොහොතේ කොන්දේසි වෙනස් කරමින් එය මඟහරින බවය.

 

පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දෙන බව පවසමින් අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉහළ නිලධාරීන්ට එරෙහිව පලස්තීන ජාතිකයින් පිරිසක් අමෙරිකානු ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

Related posts

තායිලන්තයේ කොවිඩ් දරුණු අතට

Mohamed Dilsad

දකුණු ඉක්වදෝරයේ භූ කම්පනයක්

Mohamed Dilsad

ජනපති ට්‍රම්ප්ගෙන් FBI වෙත ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment