විදෙස්

ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක්

අද (30) උදෑසන ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 9 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

 

විශාකාපට්නම් සිට පලාසා දක්වා ධාවනය වූ විශේෂ මගී දුම්රියක සංඥා නොලැබීම හේතුවෙන් නවතා තිබූ අවස්ථාවේ දී විශාකාපට්නම් සිට රයගාදා දක්වා ධාවනය වූ මගී දුම්රියක් නවතා තිබූ දුම්රියක ගැටී එම අනතුර සිදුව තිබේ.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ, මෙම අනතුර සංඥා නොදැකීම හේතුවෙන් සිදුව ඇති බවය.

 

මීට මාස කිහිපයකට පෙර දී ද ඔඩීෂා ප්‍රාන්තයේ දුම්රිය තුනක් එකිනෙක ගැටී සිදු වූ බිහිසුණු අනතුරකින් මගීන් 280කට අධික පිරිසක් මිය ගිය අතර විශාල පිරිසක් තුවාල ලැබීය.

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් යළි ඉහළට

Mohamed Dilsad

නේපාල මැතිවරණයෙන් වාමාංෂික සන්ධානයට ජය

Mohamed Dilsad

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

Leave a Comment