දේශීය

අනුලාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (29) පෙරවරුවේ කැලණිය, දළුගම පිහිටි ඇයගේ නිවස වෙත රැගෙන ආවේය.

 

ඊශ්‍රායල – ගාසා දේශසීමාව ආසන්නයේ පිහිටි ගම්මනයකදී 49 හැවිරිදි අනුලා රත්නායක මහත්මිය හමාස් ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වුණි.

 

‍ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අනුලා රත්නායක මහත්මියගේ දේහය ඊශ්‍රායලයේ සිට මෙරටට රැගෙන ආවේ ඊයේ (28) දිනයේදීය.

 

දේහය මීගමුව මහ රෝහලට රැගෙන ගොස් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අද උදෑසන 9.45 ට පමණ ඇය පදිංචිව සිටි කැලණිය, දළුගම, ලුම්බිණි මාවතේ පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබීය.

 

හෙට (30) දහවල් 2.00 දක්වා දේහය මෙම නිවසේ තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 4.00ට වේවැල්දූව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර

Editor O

ඉරාන තානාපතිවරයාට, රටින් පිටවන ලෙස ඕස්ට්‍රේලියානු රජය දැනුම් දීමන්

Editor O

සංචරණ සීමා හේතුවෙන් පන්දහස ලබාදීමේදී ආදායම් අහිමිවූවන්ට ප්‍රමුඛතාවය

Mohamed Dilsad

Leave a Comment