දේශීය

අනුලාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (29) පෙරවරුවේ කැලණිය, දළුගම පිහිටි ඇයගේ නිවස වෙත රැගෙන ආවේය.

 

ඊශ්‍රායල – ගාසා දේශසීමාව ආසන්නයේ පිහිටි ගම්මනයකදී 49 හැවිරිදි අනුලා රත්නායක මහත්මිය හමාස් ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වුණි.

 

‍ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අනුලා රත්නායක මහත්මියගේ දේහය ඊශ්‍රායලයේ සිට මෙරටට රැගෙන ආවේ ඊයේ (28) දිනයේදීය.

 

දේහය මීගමුව මහ රෝහලට රැගෙන ගොස් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අද උදෑසන 9.45 ට පමණ ඇය පදිංචිව සිටි කැලණිය, දළුගම, ලුම්බිණි මාවතේ පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබීය.

 

හෙට (30) දහවල් 2.00 දක්වා දේහය මෙම නිවසේ තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 4.00ට වේවැල්දූව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

Related posts

ඉන්ධන මිල දැනෙන ලෙස සංශෝධනය කරයි.

Editor O

සාමාන්‍ය ජනතාවට කොරෝනා මර්දන එන්නත නොමිලයේ [VIDEO]

Mohamed Dilsad

ඉස්ලාම් භක්තිකයින්ට විශේෂ අවසරය

Mohamed Dilsad

Leave a Comment