Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉරාන තානාපතිවරයාට, රටින් පිටවන ලෙස ඕස්ට්‍රේලියානු රජය දැනුම් දීමන්

ඉරාන තානාපතිවරයාට, රටින් පිටවන ලෙස ඕස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිඩ්නි සහ මෙල්බර්න්හි ස්ථාන දෙකකට එල්ල වූ යුදෙව් විරෝධී ප්‍රහාර සඳහා ඉරානය සම්බන්ධ බවට ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ විසින් තහවුරු කරගෙන ඇති බවය.

මේ හේතුවෙන් දින 7ක් තුළ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව යන ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා ඇත්තේ, මෙම සිදුවීම් දෙක සමාජ සහජීවනය අඩපණ කිරීමට සහ ප්‍රජාව තුළ අසමගිය වැපිරීමට ගත් උත්සාහයක් බවය.

ඉරාන තානාපති අහමඩ් සඩේගි සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට ඔස්ට්‍රේලියාවෙන් පිටව යන මෙලෙස නියෝග කර ඇති අතර ටෙහෙරානයෙන් ද තම රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කර ගැනීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම චෝදනා ඉරානය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය

Related posts

சர்ச்சையை கிளப்பிய போஸ்டர்…

Mohamed Dilsad

இலங்கை மற்றும் சீனாவிற்கு இடையே மூன்று உடன்படிக்கைகள்

Mohamed Dilsad

பிரமாண்ட ஒலிம்பிக் அரங்கம் ஜப்பான் பிரதமரால் திறப்பு

Mohamed Dilsad

Leave a Comment