දේශීය

පොහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය

පෙහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබේ.

 

විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කරන බවට මේ වන විට අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී අතර මේ හේතුවෙන් පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

 

කෙසේවෙතත් තවදුරටත් පොහොර සඳහා පාලන මිලක් පැනවීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්ය.

 

පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යයනයන්ගෙන් සහ වාර්තාවන කරුණු සම්බන්ධයෙන් සිදුකරන නිසි පරීක්ෂණයකින් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

 

මේ අතර නවීන කෘෂිකර්ම තාක්ෂණික ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

හපුතලේ ගුවන් අනතුරේ රස පරීක්ෂක වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

Editor O

Leave a Comment