දේශීය

පස්කඳු කඩා වැටී ඇල්ල – වැල්ලවාය පාර අවහිර වෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයට 7 කණුව ප්‍රදේශයේදී පස්කඳු කඩාවැටී තිබේ.

 

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇත.

 

අප වාර්තාකරු සඳහන් කළේ අද (24) පස්වරුවේ සිට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් එම මාර්ගයේ තැනින්තැන පස්කඳු සහ ගස් කඩාවැටී ඇති බවය.

 

මේ වනවිට එම මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම ඇනහිට ඇති බවද වාර්තා වෙයි.

 

මේ අතර රන්දෙනිය ප්‍රදේශයේ නිවාස දෙකකට පස් කඩාවැටී හානි සිදුවී ඇති බවද අප වාර්තාකරු පැවසීය.

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 316ක්

Mohamed Dilsad

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදි

Mohamed Dilsad

Leave a Comment