ගොසිප්දේශීය

‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදි

(UTV | කොළඹ) –  රටවල් 80ක තරගකාරියන් සහභාගී වන ‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ අවසන් මහා තරගය මෙරටදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම තරගකාරියන් අසූදෙනා දෙසැම්බර් 8 වැනිදා සිට 21 වැනිදා දක්වා සති දෙකක කාලයක් මෙරට ගත කරන අතර, ඔවුන් කුඩා තරග අවස්ථා (පැජන්ට්) 80කට සහභාගී වීමෙන් අනතුරුව අවසන් මහා තරගය පැවැත්වේ.

එම සති දෙකක කාලයේදී ඔවුන් මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, හබරණ, ඇල්ල, ආරුගම්බේ, මිරිස්ස හා ගාල්ල ඇතුළු ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පෙරේදා (19 වැනිදා) පැවැති අතර, එහිදී ‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ ජාතික අධ්‍යක්ෂ මලිත් රණසිංහ ප්‍රකාශ කළේ එමගින් මෙරට සංචාරක කර්මාන්තයට විශාල ආදායමක් උපයා දෙනු ඇති බවය.

රජය මෙන්ම කර්මාන්ත පාර්ශ්වකරුවන්ද මෙය සාර්ථක කරගැනීමට පූර්ණ සහයෝගය ලබා දුන් බවත්, මෙය පසුගිය වසර 74දී ගෝලීය වශයෙන් පවත්වනු ලැබූ හොඳම පැජන්ට් පහෙන් එකක් බවත් ඔහු පැවසීය. 75 වැනි සංවත්සරය සත්කාරකත්වය දැක්වීමට සහ සැමරීමට ලැබීම පිළිබඳ ශ්‍රී ලංකාව ද ආඩම්බර විය යුතු බව හෙතෙම කීවේය. ස්පාඤ්ඤයේදී මිස් ටුවරිසම් වර්ල්ඩ් (Miss Tourism World) ලෙස ​ෙත්රි පත්වූ මාරියා දෙල් කාර්මෙන් (Maria Del Carmen) ද එහිදී අදහස් දැක්වුවාය.

Related posts

ශ්‍රී ලංකා ජනපති සහ චීන ජනපති අතර දුරකථන සංවාදයක්

Mohamed Dilsad

නැනෝ නයිට්‍රජන් දියර පොහොර අද දිවයිනට

Mohamed Dilsad

කටාර්, බහරේන් සහ කැනඩාවේ සිට මෙරටට පැමිණෙන මගීන්ට තහනමක්

Mohamed Dilsad

Leave a Comment