දේශීය

පස්කඳු කඩා වැටී ඇල්ල – වැල්ලවාය පාර අවහිර වෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයට 7 කණුව ප්‍රදේශයේදී පස්කඳු කඩාවැටී තිබේ.

 

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇත.

 

අප වාර්තාකරු සඳහන් කළේ අද (24) පස්වරුවේ සිට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් එම මාර්ගයේ තැනින්තැන පස්කඳු සහ ගස් කඩාවැටී ඇති බවය.

 

මේ වනවිට එම මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම ඇනහිට ඇති බවද වාර්තා වෙයි.

 

මේ අතර රන්දෙනිය ප්‍රදේශයේ නිවාස දෙකකට පස් කඩාවැටී හානි සිදුවී ඇති බවද අප වාර්තාකරු පැවසීය.

Related posts

IMF ප්‍රගතිය මුදල් ඇමැති ලංකාවට ආවම කියයි

Mohamed Dilsad

සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

රන්ජන් හඬපට කිසිවක් සභාගත කර නැහැ – කථානායක

Mohamed Dilsad

Leave a Comment