දේශීය

කිරිඳි ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යයි

වැල්ලවායේ සිට තණමල්විල හරහා ලුනුගම්වෙහෙර ජලාශය දක්වා ගලාබසින කිරිඳි ඔයේ ජල මට්ටම වැල්ලවාය ප්‍රදේශයේදී සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ හේතුවෙන් කිරිඳි ඔය දෙපස ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

 

මොනරාගල දිස්ත්‍රික්කය හරහා ගලාබසින කිරිඳි ඔයේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ අධික වැසි ඇතිවී තිබේ.

 

මේ හේතුවෙන් වැල්ලවාය ප්‍රදේශයේදී කිරිඳි ඔයේ ජල මට්ටම සැලකියයුතු ලෙස ඉහළ යමින් පවතී.

 

මේ නිසා වැල්ලවායෙන් පහළ ප්‍රදේශවලදී කිරිඳි ඔය දෙපස පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවිය යුතුය.

 

ජලය ඉහළයෑම වේගයෙන් සිදුවෙන බවද වාර්තා වෙයි. මේ තත්ත්වය ගැන අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසද ජනතාවට දැනුම්දෙයි.

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම්දෙන්නේ කිරිඳි ඔය හරහා වැටී ඇති මාර්ග භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසය.

 

කෙසේවෙතත් මේ හේතුවෙන් ලුනුගම්වෙහෙර ජලාශය වාන් දැමීමේ හැකියාවක් නැති බවද වාර්තා වෙයි.

 

Related posts

ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීමේ සිදුවීම : දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය සේවකයින් අද සිට සංකේත වැඩවර්ජනයක

Mohamed Dilsad

Leave a Comment