Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අප රටේ ආර්ථික වර්ධනයට නිෂ්පාදන හා සේවා ශක්තිය නිර්මාණය කර සෞභාග්‍ය නිර්මාණය කරන්නට විශාලම දායකත්වයක් ලබා දෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් බවත් මේ ක්ෂේත්‍රය රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් ලක්ෂ 40කට ආසන්න පිරිසකට රැකියා සපයන බවත් පසුගිය කාලයේ පාස්කු ඉරිදා ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචක නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් කඩා වැටුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රජයේ සංඛ්‍යාලේඛන අනුව 2022 වන විට මෙවැනි කර්මාන්ත 263,000ක් කඩා වැටී ඇති මොහොතක සමගි ජන බලවේගය මුල සිටම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ට රජයේ සෘජු මැදිහත්වීම හරහා සහන දිය යුතුය යන මතය පළ කළ බවත් මේ ත්‍රිත්ව ඛේදවාචක නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් අමාරුවෙන් ගොඩනගා ගත් ව්‍යාපාර කඩා වැටීමත් ණය පැහැර හැරීම නිසා පරාටේ නීතිය උපයෝගී කර ගෙන අත්තනෝමතිකව මේ ව්‍යාපාර ඉඩකඩම් නිවෙස් සම්පත් හිතුමතේට වෙන්දේසි කිරීම විපක් තරයේ හෙලා දැක්ක නිසා එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සහ වත්මන් රජය පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැම්මත් මේ ආණ්ඩු දෙකම මේවා කළේ මැතිවරණ ඉලක්ක කර ගෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණය මහමැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය අවසන් වී ඇති මොහොතක ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ට කිසිදු විසදුමක් ලැබී නොමැති බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ජුනි 30 වැනි දා සිට නැවත වරක් දේපල වෙන්දේසි කිරීම සිදුවන බැවින් මේ ගැන රජය තිරසර ස්ථිර විසදුමක් ලබා දිය යුතු බවයි අවධාරණය කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ගේ දේපල වෙන්දේසි කරන පරටේ නීතිය ජුනි 30 වැනිදා සිට බලාත්මක වන නිසා ඒ සම්බන්ධයෙන් ඊයේ (ජුනි 25) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රජය ලබා දෙන තීන්දු මහබැංකුව ගණන් නොගන්නා බවත් මහබැංකුව භාණ්ඩාගාරය ලබා දෙන උපදෙස් බැංකු පද්ධතිය ගණන් නොගන්නා බවත් රජයේ උපදෙස් පැහැර හැරීම නිසා ආණ්ඩුවක් ඇත් ද කියා ගැටලුවක් මතුවන බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වටින්නේ නැද්ද කියා ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් අහන බවත් මේ අය රැකගෙන ආරක්ෂා කළ යුතු බවත් රටට විශාල ධනයක් ලබා දෙන විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් දේශපාලන පාපන්දුවක් කර නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් රටට සම්පතක් බැවින් මොවුන් ආරක්ෂා කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රජයේ මැදිහත් වීම කඩිනම් විය යුතු බවත් මැතිවරණ කාලයේ දුන් පොරොන්දු ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

Related posts

Puttalam PS Chairman arrested at BIA

Mohamed Dilsad

உணவில் மலட்டுத் தன்மையை ஏற்படுத்தும் மருந்தைக் கலப்பதன் மூலம் கருத்தரிப்பதைத் தடுக்க முடியும் என்ற பிரசாரம் உண்மைக்குப்புறம்பானது

Mohamed Dilsad

China confirms INTERPOL Chief detained

Mohamed Dilsad

Leave a Comment